$hanගේ බ්ලොග.....

බ්ලොග් ලියන තවත් හාදයෙක් ගේ සටහන්





මටත් ආසවක් ආවා මගේම කියලා ඩොමේන් නාමයකට මගේ බ්ලොග් එක අරගෙන එන්න ඔනේ කියලා..ඉතින් ඔන්න පෙරුම් පුරලා පුරලා සල්ලි එහෙම එකතු කර ගෙන ඉන්නකොට .කොම් 1 ගන්න මං දැක්කා අපේ ජංජාල චාමරයගේ බ්ලොගේ .කොම් අඩුවට දෙනවා කියලා සටහනක් දාලා තිබ්බා.මං ඉතින් සු‍ටුස් ගාලා ගොහින් පැනපු ගමන්ම NET FIRMS  ආයතනයෙන් ඩොමේනය ගත්තා...මේකට මට ගියේ $3.99යි.ලංකාවේ සල්ලි වලින් බැලුවොත්  රු.400 විතර ගියේ.ඉතින් මට නම් පුදුම සතුටක් තමා දැන්නේ...අද ඉදන් මගේ බ්ලොග් 1 ට පිවිසෙන්න පුළුවන් ලිපිනය තමා http://blog.malshan.com
මොනා වුනත් මට මේ තැනට එන්න උදව් කරපු අය මතක් කරලා ඉන්න එපැයි...


ඉස්සරහටත් ඔයාලා අද හිටියා වගේ මාත් එක්ක ඉඳි  කියලා මම බලාපොරොත්තු වෙනවා .. :)


විටක පොදි ගැහෙන...
තවත් විටක එසැණින් බිඳ වැටෙන...
නැවත දළු ලා වැඩෙන....
සිතින් සිතට වෙනස් වන.....
අපව ජීවත් කරවන....
අපිට අවැසි....
තවත් එක් සිහිනයක්....!!!



ඇය පොළව නම්...

මම අහස නම්...

අප අතර ඇත්තේ...

හිඩැසක් ද?? සුසුමක් ද?? ක්ෂිතිජය ද??



සැහෙන්න දවසකට පස්සේ කාර්ය බහුලත්වයෙන් අඩු නිසා බ්ලොගට ලිපියක් දාන්න වරම් ලැබුණා...(මගේ බ්ලොග් 1ට මගේ අතින් බ්ලොග් 1 දාන්න මටම පෙරුම් පුරන්න වෙලා...) කොහොමින් කොහොම හරි මේ දවස් වල වැඩ කටයුතු ගැන කියනවා නම් මල්$hanට ආයි පාරක් උ.පෙ කරන්න යනවනේ කොල්ලට ලෝකේ දකින්න විශ්ව විද්‍යාලේ යන්න ආසාවක් ඇතිවෙලා.බැහැගෙන වැඩ ඒකට.;)පාඩම් කරනවා කිව්වට වැඩි හරියක් මුණුපොතේ තමා කල් ගත කරන්නේ.. :)දැන් ඉතින් ඒ මඟුලට ඇබ්බැහි වෙලානේ.(සුදාරක මලයා කියන විදියටම ඒක හදපු එකාට බැන බැන තවත් ඒ මඟුලෙම එල්ලිලා ඉන්නවා.)

ඔන්න ඉතින් බ්ලොග් මැරතන් 1කුත් තිබ්බානේ දිව්ව කස්ටියට වතුර බාල්දි පිටින් ගැහැව්වා...හැමොටම නෙවේ සීමීත් පිරිසකට.කොහෙද මේ දවස් වල අන්තර්ජංජාලේ වේගේ අඩු කොරලා නොවැ...(මුන්ට පෙන්නේම අපි වගෙ 3වෙනි පංතියේ පීඩිත ජනතාවනේ.) මාත් මැරතන් දුවන්න තමා අදහස නම් තිබ්බේ අන්තර්ජාලේ අවුල හින්දා අදහස අත ඇරලා තිබ්බේ.ඔය අස්සේ මැරතන් 1 දවසේ යාළුවනේ බලවත් ඉල්ලිම පරිදි රෑ 7.00 විතර දුවන්න ඔනේ කියලා හිතක් පහළ වුනා.දඩ බඩ ගාලා මැරතන් 1 ට වෙනම බ්ලොගකුත් හදාගෙන දුවන්න අයදුම්පත්තරේ පුරවන්න යනකොට එතන හවස 6.00 අයඳුම්පත් භාර අරගෙන ඉවරයි.මොනා කොරන්නද හදපු බ්ලොග දිහා බලාගෙන "ලබන අවුරුද්දේ වත් කලින් අයදුම් කරලා දුවනවා" කියලා අමාරුවෙන් හිත හදාගත්තා.

ඔය අස්සේ තව ලිපි දෙක තුනක්ම ඉස්සරහට දාන්න තියෙනවා.ලංකාවේ රියදුරු බලපත්‍ර ලබාගැනිමේ කලාව. I - කොටස ලක්බිම පත්තරේට ගියත් හරි 1 ලිපියක් එදායින් පස්සේ හරවත් බ්ලොග් 1 ලියන්න වෙලාවක් හම්බුනේම නෑ නොවැ.හිතට නිකන් හරි නෑ වගේ.. :( ඉස්සරහට එන්න තියෙන ලිපි ගැන මතක් කලොත් බහුතරය සම්බන්ධ වෙන්නේ අපේ සන්නිවේදන ආයතන ගැන තමා..එවත් දාලා ඉවර උනාම බලන්නකෝ .එහෙනම් ඉදිරි ලිපියෙන් හමුවෙනකම් කට්ටියටම සුභ කිව්වා.... :)



හුඟ දවසකින් බ්ලොගට ලිපියක් දාන්න ආවේ....අද මාතෘකාව ගැන මට කතා නොකරම ඉන්න බැරි තරමට පත් වෙලා තියෙන්නේ.....ඒ කියන්නේ මෙතන මගේ අත්දැකිම් එහෙම නෙවේ හොඳේ තියෙන්නේ.... ;) මේ මම අහපු.......මට කියපු.....මට දැනුනු කතා ටිකක එකතුවක්......ආදරය...හැමෝටම දැනෙන දෙයක් නේ....ඒ වගේම හැමෝම බොක්කෙන්ම කරන දෙයක්නේ....(ඒ උනාට ආතල් එකට කරන එවුනුත් අපි අතර නැතුවාම නොවේ.. ;))
මේ මාතෘකාව එසේ මෙසේ මාතෘකාවක් නෙවේ.....මට හිතෙනවා මේ ආදරය කියන දෙයට උපාධියක් එහෙම හඳුන්වලා දුන්නොත් හොඳයි කියලා... ;) සැහෙන්න හොඳ ඉල්ලුමක් තියේවි... :)
ඒවයින් වැඩක් නෑ කතාව මෙහෙමයි....මගේ හොඳම යාළුවෙක් බොහොම අමාරුවෙන් කට්ට කාලා කාලා කෙල්ලෙක් දාගත්තා.....ඔන්න දාගත්තයි කියමුකෝ....දාලායන්න නොදී තියාගන්නත් එපැයි....මිනිහා අමාරුවෙන් එකත් කරගෙන කාලයක් හිටියා...රාත්‍රී මල් කැඩීමේ සේවය එහෙමත් උපරිමේටම කලා....හැබයි මේ කෙල්ල එක පාරටම කියපි අපි අද ඉදන් යාළුවෝ වගේ ඉමු කියලා.....අර මගේ යාළුවට ෆුල් අප්සට්...මොනා කරන්නද බලෙන් ආදරේ කරන්න කියන්නයැ.....අනේ ඉතින් මිනිහත් එහෙම්ම හා කියලා හිටියා.....පස්සේ තමා දැන ගත්තේ ඒකට හේතුව මොකක්ද කියලා ඒක අහනකොට මට ඇත්තටම හිනාව නවත්තගන්න බැරි උනා.....කෙල්ල එයාගේ යාළුවට කියලා එයා (අර මගේ යාළුවා) සැහෙන්න සීරියස් හිතනවා වැඩි කියලා.....මොනා කරන්නද ඒ උගේ හැටි නේ...ඔන්න ඉතින් මං කිව්වා ඌට ජීවිතේ ගැන සීරියස් හිතන්නේ නැති එක්කේනක් එක්ක උඹ ජීවිතේ ඉස්සරහ ගැන හිතන්නේ කොහොමද කියලා...මිනිහත් ඔළුව එහෙම වනලා ඒක අනුමත කරලා....බොහොම අමාරුවෙන් ඒ ගැණු ලමයා ගැන හිතන එක නවත්තලා දැම්මා......කාලයත් ඔය එක්කම ගෙවිලා ගියා.....
මිනිහට අන්තර්ජංජාලේ හරහා කෙල්ලෙක් ගැන පුංචි මෙව්වා එකක් ඇති වෙලා...මට කිව්වා..මං කිව්වා ගිහින් හම්බවෙලා කතාබහ එහෙම කරලා පොඩ්ඩක් එයා ගැන දැන ගනින් කියලා....ඔන්න ඉතින් මුත් හා හා පුරා කියලා ගිහින් හම්බවෙලා කතාබහ කරලා වරුවක් විතර එයත් එක්ක ගත කරලා ඇවිත් මට කිව්වා......එයාගේ හිතේ පොඩි අදහසක් එහෙම දළු ලාගෙන ඇවිත්.....කොහොමන් කොහොම හරි මිනිහා 1 පාරනේ හම්බවෙලා තිබ්බේ..මිනිහා ඉතින් ෆුල් ආතල් ඩයල් 1 වගේ හැසිරිලා...අර කෙල්ලට මූ කිව්වම එයා ගැන පොඩි අදහසක් තියෙනවා කියලා..මෙන්න ඒ ගැණු ළමයා කියලා ඔයා පොඩ්ඩක්වත් මොනා ගැනවත් සීරියස් හිතන්නේ නෑ....ඔයා වගේ කෙනෙකුට කැමති වෙන්න එයාට බැහැ කියලා....මූ මට ඒක කිව්වම මං ඇහැව්වා උඹ මොකො කර ගත්තේ කියලා...මෙන්න මූ කියපි .."නෑ බං කලින් කෙල්ල මං සීරීයස් හිතනවා වැඩි කිව්ව නිසා මං හිතුවා මෙයත් එහෙම වෙන්න ඇති කියලා ඒක නිසා මං මේකිට පෙන්නන හැදුවේ මං හෙන ජොලි පොරක් කියලා" ලු....මට මේක ඇහැව්වම බඩ පැලෙන්න හිනා.....මොනා කරන්නද කියලා මට තෙරෙන්නේත් නෑ....
සමහර කෙල්ලෝ සීරියස් හිතන එවුන් හොයනවා....සමහර කෙල්ලෝ ඒ අතර ජොලියට බර කොල්ලෝ හොයනවා...අනේ මන්දා පුදුම කෙල්ලෝ ජාතියක් නොවැ මුං.....අනේ අම්මපා මුන්ව තෙරුම් ගන්න මේ කපේදි මට නම් බෑ......
ඒ නිසාම වගකිව යුත්තන් මේ වගේ අසරණ කොල්ලන්ගේ අනාගතය සඳහා "ආදර උපාධි" වැඩ පිළිවෙලක් අරඹන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා... :)


මා මේ සටහන ලියන්නේ තරමක කේන්තියෙන් බව කිව යුතුමය.ඒ මක් නිසාද යත් තරුණයෙකු ලෙස මට මුලින්ම පිළිකුල් වූ රාජ්‍ය ආයතනය ගැන කියන්නට යන නිසාවෙනි.
තාත්තා මට රියදුරු උසස් පෙළ අවසන් වු වහාම රියදුරු බලපත්‍රය ලබා ගන්නා ලෙස කීවද මා ඒ ගැන උනන්දු නොවුයේ අප සතුව වාහනයක් නොතිබුණු බැවිනි.එහෙත් පසුව මාගේ මිතුරන් දෙදෙනෙකු එය ලබා ගැනීමට යන වග මා සමඟ පැවසු පසු මාත් ඔවුන් සමඟ යාමට කැමති විය.ඉන් පසු මා ඔවුන් සමඟ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පිටත් වන්නේ 2009/10/11වන දිනයි. ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමට හා ලිඛිත පරීක්ෂණය සඳහා දිනයක් ලබා ගැනීමටයි.උදෑසන 8 සිට පෝළිමේ සිටි අපි තිදෙනා ලියාපදිංචිය සඳහා එම අදාල අංශය වෙත යොමු වන විට වේලාව උදෑසන 11 පමණ ආසන්න විය.ඉන්පසු අප හට ටෝකනයක් ලබා ගැනීමට සිදු විය.අපි ඉන්පසු ලියාපදිංචි වන විට වේලාව පස්වරු 2 පමණ විය.උදෑසන 8 පෝළිමේ සිටි අපි ලියාපදිංචි වන විට පස්වරු 1.30යි.හිතන්න මොන තරම් කාලය කා දැමිමක්ද කියා.පැය 5.30ක් අපේ කාලය කා දැමීමක්.
මෙයට හේතුව වන්නේ පෝළිමේ සිටි අපි 50 දෙනාගේ කාණ්ඩ වශයෙන් ගේට්‍ටුව තුළින් ලියාපදිංචි අංශයට යොමු කිරීමත්,ටෝකන් ලබා දීමෙන් පසු 10 දෙනා බැගින් ලියාපදිංචිය සඳහා යොමු කිරීමත්ය.සාමාන්‍යයෙන් 10දෙනෙකු ලියාපදිංචි කිරිමේ කටයුතු සඳහා ඔවුන්ට විනඩි 15-20ත් අතර කාලයක් ගතවේ.හිතන්න පැය භාගයෙන් භාගයට 50දෙනා 50 දෙනා බැගින් ගෙන 10 දෙනා බැගින් ලියාපදිංචියේදි සිදුවන කාල පමාව.

50 දෙනෙකු ලියාපදිංචිය සඳහා ගතවන වේලාව අවම වශයෙන්.
5 x 15 = මිනිත්තු75/පැය 1 ක් හා විනාඩි 15

ඔන්න කොහොම හරි ඇතුළට ගියා කියමුකෝ ඒක ඇතුළත් එකම අවුල් ජාලයක්.පිරවීම සඳහා අවශ්‍ය ලියකියවිලි ගන්න එක තැනක්,අපේ ලියකියවිලි ඔවුන්ගේ පද්ධතියට ඇතුල් කරන්න තව තැනක්, මුදල් අයකැමි තව තැනක..අම්මෝ මතක් වෙද්දිත් එපා වෙනවා.ඔන්න ඉතින එදා දවසේ වැඩ ටික ඉවර වෙලා එතනින් එළියට එනකොට 2.45 විතර ඇති.ඔය රියදුරු බලපත්‍රය ගන්න ඉන්න කවුරු හරි ඉන්නවනම් උදේට හොඳට කාලා යන්න.;)මොකද දවල් කෑම එපා වෙන හින්දා. ඉතින් අපි ගෙදර එනකොට වෙලාව හවස 4 ටත් කිට්‍ටුයි.ඉතින් ඔන්න ඔහොමයි 1වන දවස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ ගෙවුනේ.

මෙහි දෙවන කොටස ඉදිරියේදි.ඒ ලිඛිත පරීක්ෂණ දිනය පිළිබඳවයි.


අම්මෝ..වැඩ වැඩ ඉවරයක් නෑ...අද තමයි බ්ලොග් 1 මූණ පොඩ්ඩක් බලන්න මතක් වුනේ...කස්ටියනම් ගොඩක් ඇවිත් ගිහින් වගේ කොහෙද ආවට වැඩක් තියේද, බ්ලොග් 1 හිස් නේ.. :) (සුදු මහත්තයට විශේෂ ස්තුතිය මගේ බ්ලොග් එකක් තියෙනවා කියලා මට මතක් කරලා දුන්නට)
හරි ඒවයින් වැඩක් නෑ අද දවස මගේ ජීවිතයේ අමතක නොවන දවසක්...හැබැයි ලව් ස්ටොරියක් නිසා නෙවේ. අපි කොලුකමට කරපු පුංචි දඟ වැඩක් ගැන.
මේක නිකන් ඇමරිකාවේ 9-11 වගේ මගේ ජීවිතයේ 1-22 :p
කතාව මෙහෙමයි.මම එතකොට මගේ පාසල් ජීවිතයේ අණ්ඩපාල ජීවිතයක් ගෙවපු කාලයක්.වසර කිව්වොත් 11 වසර.දන්නවනේ සාමන්‍ය පෙළ අතලඟ. හැබැයි අපිට නෙවේ ගානක්වත්.ඔන්න ඒ කාලේ අපිට ඉංග්‍රීසි උගන්වපු ගුරුතුමිය හිටියා.එයාට අපි දැනට මාලා මිස් කියමුකෝ.එයා තමයි අපේ පංතිභාර ගුරුතුමිය.හරිම හොඳයි(හැබැයි හොඳට).අපිට ඒ කාලේ ඉංග්‍රීසි නිකන් ජලය වගේ.පංතියට මිස් ඉන්න වෙලාවට කවුරු හරි ආවොත් එන හැම එකා එක්කම කතා කරන්නේ කඩ්ඩෙන්.හරි එයාව දැන් පැත්තකින් තියමුකෝ.
දැන් ඊලඟ චරිත 2 කරළියට එනවා.ප්‍රධාන චරිතය තමා මගේ හොඳම යාළුවෝ 2ක් හිටියා. එක්කෙනෙක්ට අපි දැනට ජනිත කියමුකෝ.අනිකාට සජිත් කියමුකෝ.දැන් මගේ හොඳම යාළුවෝ දෙන්නම කරන්නේ බටහිර සංගීතය(මාත් ඇතුළුව).අපේ පාසලේ බ.සංගීතය කරන්න අපේ අවුරුද්දෙන් හිටියේ හරියටම ළමයි 7 දෙනයි.(කොල්ලො-5, කෙල්ලෝ-2)අපේ සංගීත මිස්ට අපේ පංතිවල ලමයි ආදරය කරපු විදිය ඉන්න ළමයි ගානෙන්ම හිතාගන්න පුලුවන්නේ. :).අපිටත් ඉතින් මාර ජොලි කොයි වෙලාවෙත් ඉන්නේ බ.සංගීතය කාමරය ඇතුලේ.පීරියඩ් කට් කරන්න,සිංදු කියන්න,ෆන් ගන්න ඔක්කොටම අපි භාවිතා කලේ අපේ ඒ ආදරණීය කාමරයම තමා.අපේ පංතියේ අර සජිත් කියන එකාට මාර සැලකිලි.ඒ යකාට ගහන්න බැරි වාදන භාණ්ඩයක් නෑ(මට පුළුවන් කීබෝඩ් එකයි,ට්‍රම්පට් එකයි විතරයි :( ).මටත් සැලකිලි නොතිබුනාම නොවේ.මට තිබුනේ න්‍යායාත්මක(Theory Knowladge) දැනුම විතරයි,මම ඉතින් බ.සංගීතයට විතරක් දස්සයා.කොහොමින් කොහොම හරි අපේ ලොකු පංතිවල අක්කලා අයියලා එනවා ඉතින් සංගීත කාමරයට.ඔය එන අතරේ අපේ ජනිතයා ටිකක් පැණියා මූට අක්කා කෙනෙකුට හිත ගිහින්.බේරෙන්න බෑ එයා ගැනමයි කියවන්නේ.එයාට අපි අමාෂා කියමුකෝ.ඒ කාලේ උගෙන් පැණි අරං විකුණලා අපිට පොහොසත් වෙන්න තිබ්බා.
දැන් ඉතින් අපි මූට විහිළු කර කර ආතල් එකේ ඉන්නවා.හැබැයි මුගේ මේ සීන් එක දන්නේ අපේ බ.සංගීතය කරන සෙට් 1 විතරයි.කොහොම හරි මම අද වගේ දවසක(මේ දවස් වල හැමෝටම වගේ අපිටත් ස්පොර්ට් මීට් නේ) ව්වේක කාලයේ පංතියට ආපු වෙලාවක ජනිතයව පොඩ්ඩක් කුලප්පු කරන්නත් එක්ක ජනිතයාගෙයි අමාෂා අක්කාගෙයි නම පොල් අකුරින් බෝඩ් එකේ ලියලා මාරු උනා.අර උඩ පින්තූරයේ තියෙන විදියට තමා මම ලිව්වේ..කොහොමද අවුලක් නෑනේ?

අපේ කෙල්ලෝ සෙට් 1 විතරයි පංතියේ හිටියේ. උන් අහනවා මගෙන් කවුද කියලා.මම උන්ගේ ගෙවල් පැත්තේ කෙල්ලෙක් කියලා ශේප් න්‍යාය දැම්මා.කොහොම හරි විවේක කාලයෙන් පස්සේ අපිට ආයි පංති වල අධ්‍යාපන කටයුතු කියලා නිවේදනයක් දුන්නා.
දැන් කස්ටියම පංතිවලට යනවා මාත් අච්චාරු පැකට් එකකුත් අරගෙන පංතියට ආතල් එකේ ඒක කකා යනවා.මෙන්න බොලේ යනකොට අපේ මාලා මිස් මහා හයියෙන් කැගහනව ඇහෙනවා.මං බැලුවා මාලා මිස්ට උදේ දවල් මාරු වෙලාද කියලා.ඇයි මිස් ගේ පීරියඩ් එක තියෙන්න උදේටනේ.කොහොම හරි මිසාට නම් මාර්ක් කරන්න අමතක වෙලා උදේ.එක නිසා එයා දවල් ඇවිත්.(මමත් මේක දන්නේ පස්සේ).එනකොට බෝඩ් එකේ ලොකුවට අරක තියෙනවා දැක්කම මිසාට මල පැනලා නහුතෙටම.ඒ මදිවට මිසා ඒ අක්කව හොඳට අඳුරනවලු මිසා භාර මොකක්ද සංගමයක එයා ක්‍රියාකාරි සාමාජිකාවක් ලු.කොහොමින් කොහොම හරි මම මුකුත් දන්නේ නැති බබා වගේ පංතිය ඇතුලට රිංගන්න යනකොට මිස් මගේ නම කියලා මහා හයියෙන් බෙරිහන් දුන්නා.මම අච්චාරු එක දොර ගාව හිටපු එකෙක්ගේ මේසේ උඩින් තියලා මම් මිස් ගාවට ගියා.

මාලා මිස්: කවුද මේක ලිව්වේ කියනවා?
මම : අනේ මම නම් දන්නේ නෑ මිස්.
මාලා මිස්: බොරු විතරක් කියන්න එපා
මම : ඇත්තමයි මිස් මම අපේ නිවාසේ අයියලට දුවන පොඩි ලමයි ‍තෝරන්න උදව් වුනා.
මාලා මිස්: මම දන්නවා කවුද මේක කලේ කියලා මට ඇත්ත විතරක් කියනවා.(මේක කියපු ගමන් මං හිතුවා කෙල්ලෝ ටික වැඩේ දෙල් කරලා කියලා )
මම : මි......ස් මම කලේ(මම හික්මීයා වගේ කිව්වා.)
මාලා මිස්: අහා!! මම හිතුවට වඩා වැඩකරලා තියෙන්නේ යනවා ගිහින් ඔ‍ෆිස් එක ලගින් හිටගෙන ඉන්නවා මම එනකන්.(මට මල් 777ක් පෙනුනා. :))

අනේ ඉතින් අහිංසක මම දැන් මොනවා කරන්නද ගියා ඔ‍ෆිස් 1 ගාවට හිටගෙන ඉන්නවා.පීරියඩ් එකත් ඉවරවුනා මිසා තාම නෑ.දන්න අඳුරන මිස්ලයි යාලුවොයි ඊට අමතරව ශිෂ්‍ය නායක සංසඳයේ සැට් එකයි(මම ඒ කාලේ ශිෂ්‍ය නියාමක කෙනෙක්ලු නේ.) බල බල යනවා විලි ලැජ්ජාවේ සං‍තෝසේ බෑ.
ඔන්න ඒ අතරේ අපේ බ.සංගීතය මිස් ආවා.මිසුත් කිංඩි හිනාවක් දාලා විදුහල්පතිතුමා හම්බවෙන්න ගියා.දැන් පීරියඩ් 2ක් ඉවරයි.ඔන්න බ.සංගීතය මිස් ඔ‍ෆිස් 1 ඇතුලේ ඉදන් එලියට ඇවිත් මොකෝ කියලා ඇහැව්වා.මිස් ඉතින් අපි සෙට් එකේ බොක්ක නිසා මම මිස්ට මගේ අහිංසක සිද්ධි දාමය කියලා දැම්මා.මිස්ගේ පපුව හෝස්ගාලා ගියා මගේ කතාපුවත අහලා. මිස් කිව්වා පංතියට යන්න මම මාලා මිස්ට කියන්නම් කියලා.මං ඇහැව්වා මොනාද කියන්නේ කියලා.මිස් කිව්වා එතකොට "ඔයා බ.සංගීතය රූම් එකෙත් විහිලු කරනවා හැබැයි ඒ ජනිතයාව පොඩ්ඩක් අවුසන්න කියලා" කියනවා කියලා.මාත් ඉතින් මිස්ට පිං දීලා කුරුල්ලා වගේ පංතියට ගියා.යනකොට පංතියේ මිස් කෙනෙක් වත් නෑ කස්ටිය කැගහනවා හෝ ගාලා.යනකොටම මම කෙල්ලෝ ටිකට බැනගෙන බැනගෙන ගියා.උන් අනිත් පැත්තට මට කියපි තමුසේ ඉල්ලං කැවට අපිට කරන්න දෙයක් නැ කියලා.මං ඇහැව්වා ඒ මොකෝ ඒ කියලා.එතකොටම මගේ පිට හරහා 4පාරක් වැදුණා.මං ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අනිත් පැත්ත හැරුණා බලද්දි ජනිතයා.මූට මාත් එක්ක අම්බානක මල පැනලා.මූ මට බැනගෙන බැනගෙන ගියා.මං ඉතින් හික් මීයා වගේ උගේ බැනුම් ටික අහගෙන ඉදලා සුපුරුදු සොරි පාර කිව්වා.ඌ මාත් එක්ක සතියක් විතර කතා නොකර හිටියා.පස්සේ ශේප් වුණා.මම සජිතයගෙන් ඇහැව්වා මොකෝ උනේ කියලා.ඌ කිව්වා උඹනේ බං ඉල්ලං කෑවේ කියලා.මං අහැව්වා ඒ මොකෝ කියලා.ඌ කිව්වා මිස් පංතියට ඇවිත් ලියපු එකා හෙව්වට හම්බුනේ නැලු.එකෙක්වත් කියලා නැ කවුද කියලා.බලද්දී මමනේ ඉල්ලගෙන ටිංකිරි කාලා තියෙන්නේ.මටම සතු‍ටුයි මං ගැන.පස්සේ කෙල්ලන්ට සොරි කියලා ඇඟබේර ගත්තා.අන්තිම පීරියඩ් එකේ බ.සංගීතය.ෆුල් ආතල් අපි කට්ටිය පොත් ටිකත් අරගෙන ගියා බ.සංගීතය රූම් එකට.හුටා අර අක්කත් එයාගේ යාලුවෝ සැට් එකත් එක්ක රූම් එකේ.මොනා කරන්නද ලැජ්ජාවෙන් ඇඹරෙනවා මායි ජනිතයයි දෙන්නම.මම ගිහින් අක්කාට කිව්වා අක්කේ සොරි කියලා අක්කට නෙවේ ගානක්වත් අක්කත් It's OK malli කියලා කිව්වා.ඒ අස්සේන් අපේ සංගීතය මිසුත් පාවෙන තොප්පි එවනවා.තවත් ආතල්.:)
දැන් ඒ පිරියඩ් එකත් ඉවර වෙලා ගෙදර යන්න ලැස්ති වෙන්න පංතියට යනකොට අපේ මාල මිස් පංතියට ඇවිල්ලා.මං ගිහින් මිස්ට කිව්වා මිස් සොරි මිස් මම ආයි මේ වගේ වැඩ කරන්නේ නෑ කියල.මිස් කියනවා පළවෙනි පාර නිසා සාමාව දෙනවා කියලා.ඔන්න ඉතින් මගේ 1-22 ඔහොම තමා අමතක නොවෙන දවසක් වුනේ.
මේ කතාව දාන තව හේතුවක් උනේ මම මේ ලඟදි ගියා ඩයලොග් එකට.මෙන්න බොලේ
අමාෂා අක්ක ඉන්නවා.මං ඉතින් ලාවට පනාවක් දාලා කැපුනා.


මෙහි එන සියළු චරිත මනංකල්පිතය. මම හැර ;)

ඕං ඉතින් මාත් බැස්සා වැඩේට..හැමදාම අද කරනවා හෙට කරනවා කියලා හිටියොත් මේ වැඩේ වෙන්නෙ නෑ කියලා මටම තේරුණා...(වෙන මොනවත් නෙවේ සිංහලෙන් බ්ලොග් ලියන එක).මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ ක‍ටු සටහනේ සුදු මහත්තයට :) .එයා තමයි ඉක්මනට මෙක පටන් ගන්න කියලා මටත් බල කලේ.....ඔන්න ඉතින් ඒ බල කරපු බල කිරිල්ල කොච්චරද කියනවනම් මාත් පටන් ගත්තා....
සිංහල බ්ලොග් එකක් කියලා මං මුලින්ම කියෙව්වේ අපේ
කාලිංග අයියගේ බ්ලොග් එක තමයි.ඒ ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් ගැන දැන ගන්න ගිහින්. ඔන්න ඉතින් ඔහෝම කියවගෙන කියවගෙන යනකොට ඊට පස්සේ ශාකුන්තල අයියගේ බ්ලොග් එක සෙට් උනා නොවැ, ඒ වෙන මොනාටවත් නෙවේ මගේ යාළුවෙක් වන දර්ශනයා කිව්වා නදී ගංඟා තරණය කියන සිංදුවේ ඉංග්‍රීසි වර්ෂන් 1 ගැන (Many Rivers To Cross)පොඩි ගුගල් සෙවුමක් දාන්න කියලා ඔන්න මං දැම්මා.මෙන්න බොලේ සිංහලෙන් තියන විසඳුමක් ආවා මාත් ගියා සු‍ටුස් ගාලා ඒ පැත්තට.මෙන්න ඒ සිංදුවයි,වයිරස් ගැනයි සැහෙන්න දෙවල් දැන ගන්න ලැබුණා.මං එදා ශාකුන්තල අයියගේ මුළු බ්ලොග් එකම කියවලා ඉවර කරා.
ඊට පස්සෙ ඔන්න
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසඳය මාට්‍ටු උනා.මං පුදුම උනා එතන තිබුණු බ්ලොග් ටික දැකලා.මාත් හිතුවා පටන් ගන්න ඕනේ කියලා..කොහොද ඉතින් මේ මල්$hanට කම්මැලිකම ලොකුයිනේ ඔක්කොටම වඩා..මෙච්චර කල් හැමොගෙම බ්ලොග් කියව කියව හිටියා මිසක්.. අද ඉතින් ඔක්කොම පැත්තකට දාල වැඩේ පටන් ගත්තා..ජනවාරි පළවෙනිදා වැදගත් මොකක් හරි වැඩක් කරන්නත් එපැයි.. :) මට මං ගැනම සතු‍ටුයි..... :p ඔන්න ඊට පස්සේ අපේ මල්$hanනුත් බ්ලොග් ලියන්න පටන් ගත්තාලු....



හැමෝටම සියළු පැතුම් ඉ‍ටුවන, බාල්දි නොපෙරෙලෙන සුභ ම සුභ අළුත් අවුරුද්දක් වේවා....!!!

Related Posts with Thumbnails