$hanගේ බ්ලොග.....

බ්ලොග් ලියන තවත් හාදයෙක් ගේ සටහන්



සැහෙන්න දවසකට පස්සේ කාර්ය බහුලත්වයෙන් අඩු නිසා බ්ලොගට ලිපියක් දාන්න වරම් ලැබුණා...(මගේ බ්ලොග් 1ට මගේ අතින් බ්ලොග් 1 දාන්න මටම පෙරුම් පුරන්න වෙලා...) කොහොමින් කොහොම හරි මේ දවස් වල වැඩ කටයුතු ගැන කියනවා නම් මල්$hanට ආයි පාරක් උ.පෙ කරන්න යනවනේ කොල්ලට ලෝකේ දකින්න විශ්ව විද්‍යාලේ යන්න ආසාවක් ඇතිවෙලා.බැහැගෙන වැඩ ඒකට.;)පාඩම් කරනවා කිව්වට වැඩි හරියක් මුණුපොතේ තමා කල් ගත කරන්නේ.. :)දැන් ඉතින් ඒ මඟුලට ඇබ්බැහි වෙලානේ.(සුදාරක මලයා කියන විදියටම ඒක හදපු එකාට බැන බැන තවත් ඒ මඟුලෙම එල්ලිලා ඉන්නවා.)

ඔන්න ඉතින් බ්ලොග් මැරතන් 1කුත් තිබ්බානේ දිව්ව කස්ටියට වතුර බාල්දි පිටින් ගැහැව්වා...හැමොටම නෙවේ සීමීත් පිරිසකට.කොහෙද මේ දවස් වල අන්තර්ජංජාලේ වේගේ අඩු කොරලා නොවැ...(මුන්ට පෙන්නේම අපි වගෙ 3වෙනි පංතියේ පීඩිත ජනතාවනේ.) මාත් මැරතන් දුවන්න තමා අදහස නම් තිබ්බේ අන්තර්ජාලේ අවුල හින්දා අදහස අත ඇරලා තිබ්බේ.ඔය අස්සේ මැරතන් 1 දවසේ යාළුවනේ බලවත් ඉල්ලිම පරිදි රෑ 7.00 විතර දුවන්න ඔනේ කියලා හිතක් පහළ වුනා.දඩ බඩ ගාලා මැරතන් 1 ට වෙනම බ්ලොගකුත් හදාගෙන දුවන්න අයදුම්පත්තරේ පුරවන්න යනකොට එතන හවස 6.00 අයඳුම්පත් භාර අරගෙන ඉවරයි.මොනා කොරන්නද හදපු බ්ලොග දිහා බලාගෙන "ලබන අවුරුද්දේ වත් කලින් අයදුම් කරලා දුවනවා" කියලා අමාරුවෙන් හිත හදාගත්තා.

ඔය අස්සේ තව ලිපි දෙක තුනක්ම ඉස්සරහට දාන්න තියෙනවා.ලංකාවේ රියදුරු බලපත්‍ර ලබාගැනිමේ කලාව. I - කොටස ලක්බිම පත්තරේට ගියත් හරි 1 ලිපියක් එදායින් පස්සේ හරවත් බ්ලොග් 1 ලියන්න වෙලාවක් හම්බුනේම නෑ නොවැ.හිතට නිකන් හරි නෑ වගේ.. :( ඉස්සරහට එන්න තියෙන ලිපි ගැන මතක් කලොත් බහුතරය සම්බන්ධ වෙන්නේ අපේ සන්නිවේදන ආයතන ගැන තමා..එවත් දාලා ඉවර උනාම බලන්නකෝ .එහෙනම් ඉදිරි ලිපියෙන් හමුවෙනකම් කට්ටියටම සුභ කිව්වා.... :)

3 ප්‍රතිචාර:

අවුලක් නැහැ. හැබැයි ආයෙමත් exam කරනවා නම් time table එකකට වැඩ කරන්න. මේසේ පිලිවෙලකට තියාගන්න. notes වල තියෙන වැදගත් දේවල් highlight කරලා තියාගන්න. past papers වැඩිපුර කරන්න.
අනිවාර්‍ය්යෙන්ම ගොඩ යන්න පුලුවනි ...

DJ Slash (ස්ලෑෂ්) : තැන්කූ ස්ලැෂ් අයියා උපදෙස් වලට..... :)

හොඳා හොඳා.....

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි...කියවපු එකේ ප්‍රතිචාරයක් දාල ගියොත් නරකද?ඔයාගේ ප්‍රතිචාරය මට ගොඩාක් වටිනවා...සිංහලෙන් ලියන්න මෙන්න මෙතනට යන්න.

Related Posts with Thumbnails