$hanගේ බ්ලොග.....

බ්ලොග් ලියන තවත් හාදයෙක් ගේ සටහන්


මා මේ සටහන ලියන්නේ තරමක කේන්තියෙන් බව කිව යුතුමය.ඒ මක් නිසාද යත් තරුණයෙකු ලෙස මට මුලින්ම පිළිකුල් වූ රාජ්‍ය ආයතනය ගැන කියන්නට යන නිසාවෙනි.
තාත්තා මට රියදුරු උසස් පෙළ අවසන් වු වහාම රියදුරු බලපත්‍රය ලබා ගන්නා ලෙස කීවද මා ඒ ගැන උනන්දු නොවුයේ අප සතුව වාහනයක් නොතිබුණු බැවිනි.එහෙත් පසුව මාගේ මිතුරන් දෙදෙනෙකු එය ලබා ගැනීමට යන වග මා සමඟ පැවසු පසු මාත් ඔවුන් සමඟ යාමට කැමති විය.ඉන් පසු මා ඔවුන් සමඟ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පිටත් වන්නේ 2009/10/11වන දිනයි. ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමට හා ලිඛිත පරීක්ෂණය සඳහා දිනයක් ලබා ගැනීමටයි.උදෑසන 8 සිට පෝළිමේ සිටි අපි තිදෙනා ලියාපදිංචිය සඳහා එම අදාල අංශය වෙත යොමු වන විට වේලාව උදෑසන 11 පමණ ආසන්න විය.ඉන්පසු අප හට ටෝකනයක් ලබා ගැනීමට සිදු විය.අපි ඉන්පසු ලියාපදිංචි වන විට වේලාව පස්වරු 2 පමණ විය.උදෑසන 8 පෝළිමේ සිටි අපි ලියාපදිංචි වන විට පස්වරු 1.30යි.හිතන්න මොන තරම් කාලය කා දැමිමක්ද කියා.පැය 5.30ක් අපේ කාලය කා දැමීමක්.
මෙයට හේතුව වන්නේ පෝළිමේ සිටි අපි 50 දෙනාගේ කාණ්ඩ වශයෙන් ගේට්‍ටුව තුළින් ලියාපදිංචි අංශයට යොමු කිරීමත්,ටෝකන් ලබා දීමෙන් පසු 10 දෙනා බැගින් ලියාපදිංචිය සඳහා යොමු කිරීමත්ය.සාමාන්‍යයෙන් 10දෙනෙකු ලියාපදිංචි කිරිමේ කටයුතු සඳහා ඔවුන්ට විනඩි 15-20ත් අතර කාලයක් ගතවේ.හිතන්න පැය භාගයෙන් භාගයට 50දෙනා 50 දෙනා බැගින් ගෙන 10 දෙනා බැගින් ලියාපදිංචියේදි සිදුවන කාල පමාව.

50 දෙනෙකු ලියාපදිංචිය සඳහා ගතවන වේලාව අවම වශයෙන්.
5 x 15 = මිනිත්තු75/පැය 1 ක් හා විනාඩි 15

ඔන්න කොහොම හරි ඇතුළට ගියා කියමුකෝ ඒක ඇතුළත් එකම අවුල් ජාලයක්.පිරවීම සඳහා අවශ්‍ය ලියකියවිලි ගන්න එක තැනක්,අපේ ලියකියවිලි ඔවුන්ගේ පද්ධතියට ඇතුල් කරන්න තව තැනක්, මුදල් අයකැමි තව තැනක..අම්මෝ මතක් වෙද්දිත් එපා වෙනවා.ඔන්න ඉතින එදා දවසේ වැඩ ටික ඉවර වෙලා එතනින් එළියට එනකොට 2.45 විතර ඇති.ඔය රියදුරු බලපත්‍රය ගන්න ඉන්න කවුරු හරි ඉන්නවනම් උදේට හොඳට කාලා යන්න.;)මොකද දවල් කෑම එපා වෙන හින්දා. ඉතින් අපි ගෙදර එනකොට වෙලාව හවස 4 ටත් කිට්‍ටුයි.ඉතින් ඔන්න ඔහොමයි 1වන දවස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ ගෙවුනේ.

මෙහි දෙවන කොටස ඉදිරියේදි.ඒ ලිඛිත පරීක්ෂණ දිනය පිළිබඳවයි.

Related Posts with Thumbnails