$hanගේ බ්ලොග.....

බ්ලොග් ලියන තවත් හාදයෙක් ගේ සටහන්


අම්මෝ..වැඩ වැඩ ඉවරයක් නෑ...අද තමයි බ්ලොග් 1 මූණ පොඩ්ඩක් බලන්න මතක් වුනේ...කස්ටියනම් ගොඩක් ඇවිත් ගිහින් වගේ කොහෙද ආවට වැඩක් තියේද, බ්ලොග් 1 හිස් නේ.. :) (සුදු මහත්තයට විශේෂ ස්තුතිය මගේ බ්ලොග් එකක් තියෙනවා කියලා මට මතක් කරලා දුන්නට)
හරි ඒවයින් වැඩක් නෑ අද දවස මගේ ජීවිතයේ අමතක නොවන දවසක්...හැබැයි ලව් ස්ටොරියක් නිසා නෙවේ. අපි කොලුකමට කරපු පුංචි දඟ වැඩක් ගැන.
මේක නිකන් ඇමරිකාවේ 9-11 වගේ මගේ ජීවිතයේ 1-22 :p
කතාව මෙහෙමයි.මම එතකොට මගේ පාසල් ජීවිතයේ අණ්ඩපාල ජීවිතයක් ගෙවපු කාලයක්.වසර කිව්වොත් 11 වසර.දන්නවනේ සාමන්‍ය පෙළ අතලඟ. හැබැයි අපිට නෙවේ ගානක්වත්.ඔන්න ඒ කාලේ අපිට ඉංග්‍රීසි උගන්වපු ගුරුතුමිය හිටියා.එයාට අපි දැනට මාලා මිස් කියමුකෝ.එයා තමයි අපේ පංතිභාර ගුරුතුමිය.හරිම හොඳයි(හැබැයි හොඳට).අපිට ඒ කාලේ ඉංග්‍රීසි නිකන් ජලය වගේ.පංතියට මිස් ඉන්න වෙලාවට කවුරු හරි ආවොත් එන හැම එකා එක්කම කතා කරන්නේ කඩ්ඩෙන්.හරි එයාව දැන් පැත්තකින් තියමුකෝ.
දැන් ඊලඟ චරිත 2 කරළියට එනවා.ප්‍රධාන චරිතය තමා මගේ හොඳම යාළුවෝ 2ක් හිටියා. එක්කෙනෙක්ට අපි දැනට ජනිත කියමුකෝ.අනිකාට සජිත් කියමුකෝ.දැන් මගේ හොඳම යාළුවෝ දෙන්නම කරන්නේ බටහිර සංගීතය(මාත් ඇතුළුව).අපේ පාසලේ බ.සංගීතය කරන්න අපේ අවුරුද්දෙන් හිටියේ හරියටම ළමයි 7 දෙනයි.(කොල්ලො-5, කෙල්ලෝ-2)අපේ සංගීත මිස්ට අපේ පංතිවල ලමයි ආදරය කරපු විදිය ඉන්න ළමයි ගානෙන්ම හිතාගන්න පුලුවන්නේ. :).අපිටත් ඉතින් මාර ජොලි කොයි වෙලාවෙත් ඉන්නේ බ.සංගීතය කාමරය ඇතුලේ.පීරියඩ් කට් කරන්න,සිංදු කියන්න,ෆන් ගන්න ඔක්කොටම අපි භාවිතා කලේ අපේ ඒ ආදරණීය කාමරයම තමා.අපේ පංතියේ අර සජිත් කියන එකාට මාර සැලකිලි.ඒ යකාට ගහන්න බැරි වාදන භාණ්ඩයක් නෑ(මට පුළුවන් කීබෝඩ් එකයි,ට්‍රම්පට් එකයි විතරයි :( ).මටත් සැලකිලි නොතිබුනාම නොවේ.මට තිබුනේ න්‍යායාත්මක(Theory Knowladge) දැනුම විතරයි,මම ඉතින් බ.සංගීතයට විතරක් දස්සයා.කොහොමින් කොහොම හරි අපේ ලොකු පංතිවල අක්කලා අයියලා එනවා ඉතින් සංගීත කාමරයට.ඔය එන අතරේ අපේ ජනිතයා ටිකක් පැණියා මූට අක්කා කෙනෙකුට හිත ගිහින්.බේරෙන්න බෑ එයා ගැනමයි කියවන්නේ.එයාට අපි අමාෂා කියමුකෝ.ඒ කාලේ උගෙන් පැණි අරං විකුණලා අපිට පොහොසත් වෙන්න තිබ්බා.
දැන් ඉතින් අපි මූට විහිළු කර කර ආතල් එකේ ඉන්නවා.හැබැයි මුගේ මේ සීන් එක දන්නේ අපේ බ.සංගීතය කරන සෙට් 1 විතරයි.කොහොම හරි මම අද වගේ දවසක(මේ දවස් වල හැමෝටම වගේ අපිටත් ස්පොර්ට් මීට් නේ) ව්වේක කාලයේ පංතියට ආපු වෙලාවක ජනිතයව පොඩ්ඩක් කුලප්පු කරන්නත් එක්ක ජනිතයාගෙයි අමාෂා අක්කාගෙයි නම පොල් අකුරින් බෝඩ් එකේ ලියලා මාරු උනා.අර උඩ පින්තූරයේ තියෙන විදියට තමා මම ලිව්වේ..කොහොමද අවුලක් නෑනේ?

අපේ කෙල්ලෝ සෙට් 1 විතරයි පංතියේ හිටියේ. උන් අහනවා මගෙන් කවුද කියලා.මම උන්ගේ ගෙවල් පැත්තේ කෙල්ලෙක් කියලා ශේප් න්‍යාය දැම්මා.කොහොම හරි විවේක කාලයෙන් පස්සේ අපිට ආයි පංති වල අධ්‍යාපන කටයුතු කියලා නිවේදනයක් දුන්නා.
දැන් කස්ටියම පංතිවලට යනවා මාත් අච්චාරු පැකට් එකකුත් අරගෙන පංතියට ආතල් එකේ ඒක කකා යනවා.මෙන්න බොලේ යනකොට අපේ මාලා මිස් මහා හයියෙන් කැගහනව ඇහෙනවා.මං බැලුවා මාලා මිස්ට උදේ දවල් මාරු වෙලාද කියලා.ඇයි මිස් ගේ පීරියඩ් එක තියෙන්න උදේටනේ.කොහොම හරි මිසාට නම් මාර්ක් කරන්න අමතක වෙලා උදේ.එක නිසා එයා දවල් ඇවිත්.(මමත් මේක දන්නේ පස්සේ).එනකොට බෝඩ් එකේ ලොකුවට අරක තියෙනවා දැක්කම මිසාට මල පැනලා නහුතෙටම.ඒ මදිවට මිසා ඒ අක්කව හොඳට අඳුරනවලු මිසා භාර මොකක්ද සංගමයක එයා ක්‍රියාකාරි සාමාජිකාවක් ලු.කොහොමින් කොහොම හරි මම මුකුත් දන්නේ නැති බබා වගේ පංතිය ඇතුලට රිංගන්න යනකොට මිස් මගේ නම කියලා මහා හයියෙන් බෙරිහන් දුන්නා.මම අච්චාරු එක දොර ගාව හිටපු එකෙක්ගේ මේසේ උඩින් තියලා මම් මිස් ගාවට ගියා.

මාලා මිස්: කවුද මේක ලිව්වේ කියනවා?
මම : අනේ මම නම් දන්නේ නෑ මිස්.
මාලා මිස්: බොරු විතරක් කියන්න එපා
මම : ඇත්තමයි මිස් මම අපේ නිවාසේ අයියලට දුවන පොඩි ලමයි ‍තෝරන්න උදව් වුනා.
මාලා මිස්: මම දන්නවා කවුද මේක කලේ කියලා මට ඇත්ත විතරක් කියනවා.(මේක කියපු ගමන් මං හිතුවා කෙල්ලෝ ටික වැඩේ දෙල් කරලා කියලා )
මම : මි......ස් මම කලේ(මම හික්මීයා වගේ කිව්වා.)
මාලා මිස්: අහා!! මම හිතුවට වඩා වැඩකරලා තියෙන්නේ යනවා ගිහින් ඔ‍ෆිස් එක ලගින් හිටගෙන ඉන්නවා මම එනකන්.(මට මල් 777ක් පෙනුනා. :))

අනේ ඉතින් අහිංසක මම දැන් මොනවා කරන්නද ගියා ඔ‍ෆිස් 1 ගාවට හිටගෙන ඉන්නවා.පීරියඩ් එකත් ඉවරවුනා මිසා තාම නෑ.දන්න අඳුරන මිස්ලයි යාලුවොයි ඊට අමතරව ශිෂ්‍ය නායක සංසඳයේ සැට් එකයි(මම ඒ කාලේ ශිෂ්‍ය නියාමක කෙනෙක්ලු නේ.) බල බල යනවා විලි ලැජ්ජාවේ සං‍තෝසේ බෑ.
ඔන්න ඒ අතරේ අපේ බ.සංගීතය මිස් ආවා.මිසුත් කිංඩි හිනාවක් දාලා විදුහල්පතිතුමා හම්බවෙන්න ගියා.දැන් පීරියඩ් 2ක් ඉවරයි.ඔන්න බ.සංගීතය මිස් ඔ‍ෆිස් 1 ඇතුලේ ඉදන් එලියට ඇවිත් මොකෝ කියලා ඇහැව්වා.මිස් ඉතින් අපි සෙට් එකේ බොක්ක නිසා මම මිස්ට මගේ අහිංසක සිද්ධි දාමය කියලා දැම්මා.මිස්ගේ පපුව හෝස්ගාලා ගියා මගේ කතාපුවත අහලා. මිස් කිව්වා පංතියට යන්න මම මාලා මිස්ට කියන්නම් කියලා.මං ඇහැව්වා මොනාද කියන්නේ කියලා.මිස් කිව්වා එතකොට "ඔයා බ.සංගීතය රූම් එකෙත් විහිලු කරනවා හැබැයි ඒ ජනිතයාව පොඩ්ඩක් අවුසන්න කියලා" කියනවා කියලා.මාත් ඉතින් මිස්ට පිං දීලා කුරුල්ලා වගේ පංතියට ගියා.යනකොට පංතියේ මිස් කෙනෙක් වත් නෑ කස්ටිය කැගහනවා හෝ ගාලා.යනකොටම මම කෙල්ලෝ ටිකට බැනගෙන බැනගෙන ගියා.උන් අනිත් පැත්තට මට කියපි තමුසේ ඉල්ලං කැවට අපිට කරන්න දෙයක් නැ කියලා.මං ඇහැව්වා ඒ මොකෝ ඒ කියලා.එතකොටම මගේ පිට හරහා 4පාරක් වැදුණා.මං ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අනිත් පැත්ත හැරුණා බලද්දි ජනිතයා.මූට මාත් එක්ක අම්බානක මල පැනලා.මූ මට බැනගෙන බැනගෙන ගියා.මං ඉතින් හික් මීයා වගේ උගේ බැනුම් ටික අහගෙන ඉදලා සුපුරුදු සොරි පාර කිව්වා.ඌ මාත් එක්ක සතියක් විතර කතා නොකර හිටියා.පස්සේ ශේප් වුණා.මම සජිතයගෙන් ඇහැව්වා මොකෝ උනේ කියලා.ඌ කිව්වා උඹනේ බං ඉල්ලං කෑවේ කියලා.මං අහැව්වා ඒ මොකෝ කියලා.ඌ කිව්වා මිස් පංතියට ඇවිත් ලියපු එකා හෙව්වට හම්බුනේ නැලු.එකෙක්වත් කියලා නැ කවුද කියලා.බලද්දී මමනේ ඉල්ලගෙන ටිංකිරි කාලා තියෙන්නේ.මටම සතු‍ටුයි මං ගැන.පස්සේ කෙල්ලන්ට සොරි කියලා ඇඟබේර ගත්තා.අන්තිම පීරියඩ් එකේ බ.සංගීතය.ෆුල් ආතල් අපි කට්ටිය පොත් ටිකත් අරගෙන ගියා බ.සංගීතය රූම් එකට.හුටා අර අක්කත් එයාගේ යාලුවෝ සැට් එකත් එක්ක රූම් එකේ.මොනා කරන්නද ලැජ්ජාවෙන් ඇඹරෙනවා මායි ජනිතයයි දෙන්නම.මම ගිහින් අක්කාට කිව්වා අක්කේ සොරි කියලා අක්කට නෙවේ ගානක්වත් අක්කත් It's OK malli කියලා කිව්වා.ඒ අස්සේන් අපේ සංගීතය මිසුත් පාවෙන තොප්පි එවනවා.තවත් ආතල්.:)
දැන් ඒ පිරියඩ් එකත් ඉවර වෙලා ගෙදර යන්න ලැස්ති වෙන්න පංතියට යනකොට අපේ මාල මිස් පංතියට ඇවිල්ලා.මං ගිහින් මිස්ට කිව්වා මිස් සොරි මිස් මම ආයි මේ වගේ වැඩ කරන්නේ නෑ කියල.මිස් කියනවා පළවෙනි පාර නිසා සාමාව දෙනවා කියලා.ඔන්න ඉතින් මගේ 1-22 ඔහොම තමා අමතක නොවෙන දවසක් වුනේ.
මේ කතාව දාන තව හේතුවක් උනේ මම මේ ලඟදි ගියා ඩයලොග් එකට.මෙන්න බොලේ
අමාෂා අක්ක ඉන්නවා.මං ඉතින් ලාවට පනාවක් දාලා කැපුනා.


මෙහි එන සියළු චරිත මනංකල්පිතය. මම හැර ;)

ඕං ඉතින් මාත් බැස්සා වැඩේට..හැමදාම අද කරනවා හෙට කරනවා කියලා හිටියොත් මේ වැඩේ වෙන්නෙ නෑ කියලා මටම තේරුණා...(වෙන මොනවත් නෙවේ සිංහලෙන් බ්ලොග් ලියන එක).මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ ක‍ටු සටහනේ සුදු මහත්තයට :) .එයා තමයි ඉක්මනට මෙක පටන් ගන්න කියලා මටත් බල කලේ.....ඔන්න ඉතින් ඒ බල කරපු බල කිරිල්ල කොච්චරද කියනවනම් මාත් පටන් ගත්තා....
සිංහල බ්ලොග් එකක් කියලා මං මුලින්ම කියෙව්වේ අපේ
කාලිංග අයියගේ බ්ලොග් එක තමයි.ඒ ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් ගැන දැන ගන්න ගිහින්. ඔන්න ඉතින් ඔහෝම කියවගෙන කියවගෙන යනකොට ඊට පස්සේ ශාකුන්තල අයියගේ බ්ලොග් එක සෙට් උනා නොවැ, ඒ වෙන මොනාටවත් නෙවේ මගේ යාළුවෙක් වන දර්ශනයා කිව්වා නදී ගංඟා තරණය කියන සිංදුවේ ඉංග්‍රීසි වර්ෂන් 1 ගැන (Many Rivers To Cross)පොඩි ගුගල් සෙවුමක් දාන්න කියලා ඔන්න මං දැම්මා.මෙන්න බොලේ සිංහලෙන් තියන විසඳුමක් ආවා මාත් ගියා සු‍ටුස් ගාලා ඒ පැත්තට.මෙන්න ඒ සිංදුවයි,වයිරස් ගැනයි සැහෙන්න දෙවල් දැන ගන්න ලැබුණා.මං එදා ශාකුන්තල අයියගේ මුළු බ්ලොග් එකම කියවලා ඉවර කරා.
ඊට පස්සෙ ඔන්න
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසඳය මාට්‍ටු උනා.මං පුදුම උනා එතන තිබුණු බ්ලොග් ටික දැකලා.මාත් හිතුවා පටන් ගන්න ඕනේ කියලා..කොහොද ඉතින් මේ මල්$hanට කම්මැලිකම ලොකුයිනේ ඔක්කොටම වඩා..මෙච්චර කල් හැමොගෙම බ්ලොග් කියව කියව හිටියා මිසක්.. අද ඉතින් ඔක්කොම පැත්තකට දාල වැඩේ පටන් ගත්තා..ජනවාරි පළවෙනිදා වැදගත් මොකක් හරි වැඩක් කරන්නත් එපැයි.. :) මට මං ගැනම සතු‍ටුයි..... :p ඔන්න ඊට පස්සේ අපේ මල්$hanනුත් බ්ලොග් ලියන්න පටන් ගත්තාලු....



හැමෝටම සියළු පැතුම් ඉ‍ටුවන, බාල්දි නොපෙරෙලෙන සුභ ම සුභ අළුත් අවුරුද්දක් වේවා....!!!

Related Posts with Thumbnails